ඔබගේ කොඳු ඇටපෙලෙහි පහල කොටසේ ස්නායු තෙරපීමකට ( Lumbar Canal Stenosis) සාර්ථකව ප්‍රතිකාර කල හැකිද?
ස්නායු අබාධ අතර බහුලව දක්නට ලැබෙන රෝගයක් හැටියට කොඳු ඇටපෙලේ පහල කොටසේ ( කටි ) ස්නායු තෙරපීම හැදින්විය හැකියි. දල වශයෙන් අවුරුදු හැටට වැඩි ජනතාවගෙන් 30% පමණ ප්‍රමාණයකට මෙම රෝගය ඇති නමුත් සෑම කෙනෙකුම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි.

මෙය භයානක රෝගයක්ද ?
මෙය ජිවිතයට තර්ජනයක් වන රෝගයක් නොවේ. නමුත් දීර්ග කාලීනව පවතින රෝග ලක්ෂණ නිසා බොහෝ අයගේ ජිවන රටාව වෙනස් වීමට භාජනය වන බව පෙනේ.
ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද ?
කොන්දේ වේදනාව සමග කකුල් දිගට පහතට විහිදෙන වේදනාව. මෙම පාද වල වේදනාව විදුලි සැරක් මෙන් හෝ ඇදුම්කෑමක් ලෙස හෝ දැවිල්ලක් ලෙස පැවතිය හැකියි.
බොහෝ අවස්ථාවල මෙම වේදනාව දැනෙන්නේ රෝගියා ඇවිදීමේදී හෝ සිටගෙන සිට්මේදිය. නිදගෙන සිටින වෙලාවට ඇතිවන වේදනාව මෙම රෝග තත්වයේදී බහුලව දැකීමට නොලැබේ.
කකුල දෙකේ ඇතිවන හිරියද හිටගෙන සිටින අවස්ථාවලදී උත්සන්න වීමට පුළුවන. ඇතැම් අවස්ථා වලදී පිටිපතුල අප්‍රාණික වීම ඇගිලි තුඩු වලින් හිට ගැනීමට නොහැකි වීම් යන රෝගලක්ෂණ මතුවිය හැකි අතර මෙම රෝගලක්ෂණ ඇතිවුවන් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත යුතුය.
මිට අමතරව මුත්‍ර හා මලපහ පාලනය කිරීමේ හෝ පිට කිරීමේ අපහසුතා ඇති අය කඩිනමින් ප්‍රතිකාර ලබා ගත යුතුය.
මෙවැනි රෝග තත්වයක් ඇති ඔබ කල යුත්තේ කුමක්ද?
සුදුසු කම ඇති වෛද්‍යවරයකු ලවා ඔබ පරික්ෂා කරවා ගතයුතුය. මෙම අවස්ථාවේ ඔබගේ රෝගලක්ෂනවලට අමතරව වෛද්‍යවරයා ඔබගේ පාදවල දුර්වලකමක් තිබෙන බව හදුනාගතහොත් ඒ සඳහා කඩිනමින් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි අවස්තාවක ප්‍රමාද වීම නිසා ඔබ සදාකාලික දුබල තත්වයකට පත්වීමටද ඉඩ ඇත.
මෙම රෝගය නිසා ඇතිවිය හැකි අමතර අනිසි ප්‍රතිඵල
- ඇවිදීමේදී ඇතිවන වේදනාව නිසා රෝගියා එක්තැන් වීම
- පාදය අප්‍රාණික වීම් මස් පිඩු සිහින් වීම
- මුත්‍ර පාලනය නොමැති වීමෙන් මුත්‍ර ඉවත්කරන බටයක් ශරීර ගත කිරීමට සිදුවීම
මෙහි ඇති අවාසිදායක තත්වය වන්නේ මේ දුබලතා ඇතිවූ පසු ශල්‍යකර්මයක් කිරීමෙන් පසුවවුවද එම දුබලතා යථා තාවයට පත් නොවීමට ඇති ඉඩ කඩ වේ.
මේ සඳහා කල හැකි ප්‍රතිකාර මොනවාද?
- ස්නායු තෙරපුම ලිහිල් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීම අවශ්‍යවේ.
මෙම ශල්‍යකර්මය කිරීම ප්‍රමාද වන්නේ නම් එම කල සිමාව තුල මෙම රෝගයේ බලපෑම අවම කර ගැනීමට අනුගමනය කළහැකි පියවර කීපයක් තිබේ.
- ඔබගේ ශරීරයේ මහත අඩුකර ගැනීම. මේ සඳහා පෝෂණ වේදියෙකුගේ උපදෙස් අනිවාර්යයෙන් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
- කකුලේ මස්පිඩු ශක්තිමත් කිරීමේ ව්‍යායාම සාමාන්‍යයෙන් දිනකට විනාඩි 20 ක් හෝ කිරීම වැදගත් වේ
- එමෙන්ම පාද වල මාංශ පේශි ලිහිල් කිරීම සඳහා ව්‍යායාම කල යුතුය. මෙම ව්‍යායාම ඔබගේ වෛද්‍ය වරයාගේ උපදෙස් මත කිරීම වඩා සුදුසු. වේ.
- දුම්පානය නතර කල යුතුය
- ගමන් බිමන් යාමේදී පාපැදියක් භාවිත කිරීම ඇවිදීමට වඩා සුදුසුය
ඵලක් නැති ප්‍රතිකාර
කොන්දට ඉන්ජෙක්ෂන් ගැසීම කොන්දට දැඩිව තෙරපුමක් කිරීම, ඇඹරීම, දෘඩ ද්‍රව්‍ය මගින් තැලීම, කොන්ද ඇදීම හා අසීමාන්තික ලෙස නැමීමද සාර්ථක ප්‍රතිඵල දීර්ග කලීනව ලබා නොදේ.
ස්නායු තෙරපුමක් ඇතිබව තහවුරු කරගන්නේ කෙසේද?
මේ සඳහා එම්. ආර්. අයි. (MRI) පරීක්ෂණයක් කොන්දේ කල යුතුය. ඔබ මතක තබාගත යුත්තේ එම් ආර් අයි පරීක්ෂණයේ තෙරපීමක් ඇතිබව සදහන් වූ පමණින් ශල්‍ය කර්මයක් අවශ්‍ය නොවන බවය. අධික තෙරපුමක් ඇතිවිට පමණක් ශල්‍ය කර්මයක් කිරීම සුදුසු වේ . මේ සඳහා එම් ආර් අයි වාර්තාවට වඩා පින්තුර බලා තීරණයක් ගැනීම සුදුසු වේ.
ශලය කර්මයක් කල යුත්තේ කුමන අවසථා වලදීද
- පදයේ අප්‍රනිකත්වයක් ඇතිවිට
- මල මුත්‍රා පාලනයේ අපහසුතාවයක් ඇතිවිට
- වේදනානාශක මගින් වේදනාව පාලනය කල නොහැකිවිට
- රෝගය මාස තුනකට වැඩ කාලයක් පවතිනවිට
ඔබ කල යුත්තේ කුමන ආකාරයේ ශල්‍ය කර්මයක්ද
අතීතයේදී මේ සඳහා කරනු ලැබුවේ “Lumbar Laminectomy” කියන ශල්‍ය කර්මයයි. මෙහිදී ස්නායු තෙරපුමකරන කොඳු ඇට ඇති ස්ථානයේ කොඳු ඇටයේ ස්නායු අවරනයකරන අස්ථි කොටස ඉවත්කෙරේ ( lumbar Laminectomy ). මෙම ශල්‍ය කර්මයේදී පිටුපස අස්ථි කොටසට අමතරව එයට සම්බන්ධ මාංශ පේශීන් හා ඝනවූ පටක සියල්ල ඉවත් කරනු ලැබේ. මෙනිසා යම් පමනකට කොඳු ඇට පෙලෙහි ශක්තිය හීන වෙන අතර දීර්ග කාලීනව එම අස්ථාවර භාවය නිසා රෝගියාට කොන්දේ වේදනාවන් හා බර වැඩ කිරීමේ අපහසුතා වුවද ඇතිවීමට ද තිබේ

කොඳු ඇට පෙළෙහි පිටුපස කොටස ඉවත් කල විට පෙනෙන ආකාරය
මෙම ප්‍රශ්න මගහරවාගෙන කල හැකි වෙනත් විකල්ප ප්‍රතිකාරයක් නැත්ද ?
එවන් ප්‍රතිකාරයක් තිබේ, Next Gen ස්නායු ශල්‍ය කණ්ඩායම මගින් කරනු ලබන්නේ Lumbar laminectomy කියන ශල්‍ය කර්මය නොව McCulloch Laminoplasty යාන ශල්‍ය කර්මයයි. මෙහිදී අඟලකටත් වඩා කුඩා කැපුමක් සමේ සිදුකර කොදුඇට පෙලේ අවශ්‍ය ස්ථානය එක්ස් කිරණ මගින් සොයාගනී. ඉන්පසු අවශ්‍ය ස්ථානයේ කොන්දේ පසුපස අස්ථියේ සිදුරක් සකස්කර සනායු නාලය තදකිරිම කරනු ලබන ඝනවූ පටක සියල්ල හා “ඩිස්ක්” එක අවශ්‍ය ප්‍රමාණයට ඉවත් කරනු ලැබේ.
මෙහිදී කුඩා සිදුරක් මගින් මෙම ශල්‍ය කර්මය කරන බැවින් කොදු ඇට පෙළ වටේ ඇති මාංශ පේශීන්ට මෙන්ම කොඳු ඇට පෙලටද කිසිදු හානියක් සිදු නොවේ.
මෙම ශල්‍ය කර්මය අන්වීක්ෂයක් මගින් කරනු ලබන නිසා ස්නායු වලට හානිවීමට ඉඩක් නොමැති අතර ස්නායු ලිහිල් කිරීමද වඩාත් සාර්ථකව කිරීමට හැක.

මෙවැනි කුඩා සිදුරකින් මෙම සැත්කම කරනු ලැබේ
මෙම ශල්‍ය කර්මයෙන් පසු රෝගියා සාමාන්‍ය තත්වයට පැමිණීමට කොපමණ කලක් ගතවනවාද ?
ශල්‍ය කර්මයෙන් පසු සිහිය ආ විට රෝගියාට ඇඳෙන් බැස වැසිකිලියට යාමට හැකිය, පුටුව ට ගොස් ආහාර ගැනීමට හැකිඅතර එදිනම සවස හෝ පසුදා ගෙදර යාමට හැක.
ඉන්පසු සති දෙකක් පමණ සාමාන්‍ය විවෙකයක් ලබාගැනීමෙන් පසු සාමාන්‍ය රාජකාරි වල දීමට රෝගියාට හැකිවේ.
බරපතල වැඩ කටයුතු ( කුලී වැඩ ගොවිතැන් වැඩ) සති හයකින් පසු කිරීමට හැකි අතර තරඟකාරී ක්‍රීඩා වල යෙදීම සති හයකට පසුව කල හැකි අතර ඒ සඳහා භෞත චිකිත්සකයන් යටතේ කෙටි කාලින පුහුණුවක් ලබා දෙනු ඇත.
මෙම ශල්‍ය කර්මයෙන් පසු බර ඉසිලීමට නොහැකිද ?
මෙය අසත්‍යයකි. සාමාන්‍ය පුද්ගලයකුට එසවීමට හැකි කිලෝ විස්සක් දක්වා බර ප්‍රමාණය රෝගියාටද ශල්‍යකර්මයෙන් පසු ක්‍රමානු කුලව ඉසිලීමට හැකි තත්වයට පත්වේ.
මෙම ශල්‍යකර්මයෙන් පසු කොන්දට “corset” එකක් පැළඳීමට අවශ්‍ය නැත
සතිදෙකකින් පසු වාහන පැදවීමට හැකි අතර සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගතකිරීමට රෝගියාටද හැකිවේ.
මේ ශල්‍ය කර්මයෙන් ඇතිවිය හැකි ගැටළු මොනවාද?
ඕනෑම ශල්‍ය කර්මයකදී අසාදන තුවාලය ආශ්‍රිත ව ඇතිවිය හැකි අතර එම තත්වය මෙහිදීද ඇතිවිය හැක ශරීරයේ ඇති වෙනත් රෝග තත්වයන් මතුවීමට ඉඩ ඇත. මෙනිසා රුධිර පීඩනය දිය වැඩියාව හා හෘද රෝග වලට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගත යුතුය.
රෝගයෙන් පසු අංශභාග තත්වයක් හෝ කකුල් පන නැතිවිමක් විය හැකිද ?
මෙය සිදුවීමට ඉඩක් නැත. මේවන විට අපගේ අධීක්ෂණය යටතේ මෙවැනි ශල්‍ය කර්ම 1500 ට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති අතර කකුල් පන නැතිවීමක් සිදුව නැත. එවැන්නක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අල්පය. සිදු නොවන තරම්ය.
රෝගියා ගේ වයස අවුරුදු 80 ඉක්ම ගියද වෙනත් අබාධ නොමැතිනම් මෙම අන්වික්ෂිය සැත්කම කිරීමේ හැකියාව ඇත.
මෙහි ඇති වාසි අවාසි පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය
Dr. Prasanna Gunasena
MS (Colombo) FRCS (Edinburgh)
Spine fellow (Canada)