Cervical Radiculopathy (ගෙල ස්නායු තෙරපීම)
ගෙල ස්නායු තෙරපීම යනු කුමක්ද ?

බෙල්ලෙහි කොඳු ඇට 7 තිබෙන අතර ගෙල ස්නයුනලයේ සිට අත් වලට ගමන් කරන ස්නායු මෙම කොඳු ඇට අතරින් පිටතට පැමිණ කිහිල්ල හරහා අතේ මාංශ පේශි වලට ගමන් කරයි. අතේ සංවේදන ගෙනයන ස්නායු මේ ආකාරයටම ආපසු ස්නායු නලය ඇතුලට ගමන් කරයි.
කොඳු ඇට අතර ඇති කටිලේජමය ඩිස්ක් එක විවිධ හේතු නිසා කොඳු ඇට අතරින් එලියට පනින අවස්ථා තිබේ මෙවැනි අවස්ථාවලදී එම ස්ථානයෙන් පිටතට යන ස්නායු තෙරපීමට ලක්විය හැක

රූපසටහන 1
මෙවැනි රෝග තත්වයක් ඇතිවීමට බලපෑ හැකි හේතු
- බෙල්ලේ අසාමාන්‍ය ලෙස නැවීම් දිගහැරීම් සිදුවන පුද්ගයලයන් ( අධික වේගයෙන් බෙල්ල කරකවන නවන ව්‍යායාම් කරන අය ඔලුවෙන් හිට ගන්න අය මෙම අවධානමට ලක්වීමට හැක
- හිස මතින් බර ගෙනියන අය
- දුරකථන භාවිතයේදී ලැප්ටොප් හා කොම්පියුටර් භාවිතයේදී බෙල්ල නිතර නවාගෙන වැඩ කරන අය
- බෙල්ලේ මාංශ පේශි දුර්වල අය ( අධික තරබාරු බව ව්‍යායාම නොමැතිකම )
- දුම් පානය කරන අය
- බොක්සිං වැනි හිසට පහර වදින ක්‍රීඩා කරන අය
- ජානමය වශයෙන් ඩිස්ක් ගෙවීමට ප්‍රවනතාවයක් දක්වන අය
- පුටු උඩ නිදි කිරා වැටෙමින් නිදා ගන්න අය
මෙම හේතු කාරක අනුව මෙම රෝගය ඇතිවීම වලක්වා ගැනීමට ඔබ කලයුතු දේ පිලිබඳ ඔබට තේරුම් ගත හැකි විය යුතුය. ඔබ දීර්ග කාලයක් කොම්පියුටරයේ ඉන්න කෙනෙක් නම් පහත ආකාරයට කොම්පියුටරය සකස් කර ගැනීම ඉතාම වැදගත්.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
- මුලින්ම බෙල්ලේ හෝ උරපතු දෙක අතර වේදනාවක් ඇතිවන අතර පැය විසි හතරක් ඇතුලත එය උත්සන්න වීමට පුළුවන ( මෙය බොහෝවිට නිදි උලුක්කුවක් ලෙස රෝගීහු තේරුම් ගනිති ).
- ඉදිරි දින කීපය තුල එය අත දිගට විහිදීමට පටන් ගනියි
- මෙය ඉතා දරුණු වේදනාවක් වන අතර නින්දේදී පවා එය අධික ලෙස උත්සන්න විය හැක
- මෙම අතේ වඩනවා උරපත්තට වැලමිටට හෝ මැණික් කාටව ප්‍රදේශයට විහිදිය හැකි අතර එය ඇත පහතට දමා සිටින විට අධික ලෙස වැඩිවේ.
- මේ සමගම අතේ විවිධ මාංශ පේශි දුර්වල වීමට පුළුවන ( බොහෝ විට රෝගියාට මෙය තේරෙන නමුත් ඇතැම්විට මෙය තේරෙන්නේ නැත )
- ඒ එක්කම අත දිගේ යන හිරියක් ඇතිවේ එය ඇතැම් විට දබර ඇඟිල්ල දක්වා ගමන් කල හැක.
- යම් විටක එක අතක දුර්වල කමට අමතරව අතපය හතරේම දුර්වල කමක් හා මුත්‍රා මලපහ පහකිරිමටද බලපෑම් ඇතිවීමට පුළුවන මෙවැනි තත්වයක් උද්ගතවුවහොත් කඩිනමින් ශල්‍යකර්මයක් කර ස්නායු තෙරපීම ඉවත්කිරීම අනිවාර්ය වේ.
මෙවන් රෝග ලක්ෂණ ඇති රෝගියකුගේ ස්නායු තෙරපීමක් ඇති බව තහවුරු කර ගන්නේ කුමන පරීක්ෂණයක් මගින්ද
මේ සඳහා භාවිත කල හැකි වඩාත් සුදුසු පරික්ෂනය් එම් ආර් අයි පරික්ෂණය වේ

මෙම පින්තුරයේ රතු ඊතල වලින් දක්වා ඇත්තේ ඩිස්ක් මගින් ස්නායු තෙරපි ඇති ආකාරයයි
මෙම රෝගය වැළඳුනු කෙනෙක් කුමන ප්‍රතිකාර ගත යුතුද?
ක්‍රමානුකුලව මස්පිඩු දුර්වල වෙන රෝගියෙකුනම් හෝ අධික වේදනාව දරා සිටීමට නොහැකිනම් හෝ මඳ වේදනාව හෝ මස තුනකට වඩා කාලයක් පවතීනම් සිරුරේ සමබරතාව නැතිවෙනම් මේ සඳහා ශල්‍ය කර්මයක් කිරීමට සිදුවේ.
එසේ නොමැති අවස්ථාවලදී වේදනා නාශක සහ ස්නායු ඉදිමීම අවමකිරීමට දෙන ඖෂධ සති හයක පමණ කාලයක් ලබාගත් විට රෝග තත්වය සමතයකට පත් වියහැක
මෙම අවස්ථාවේදී කොඳු ඇට පෙලට ඉන්ජෙක්ෂන් දීම අවශ්‍ය නොවේ.
වේදනාව පවතින අත ඉහලින් තබා ගැනීම හා හොඳින් විවේක ගැනීම රෝගියා ඉක්මනින් සුවපත් වීමට හේතුවේ
බෙල්ල කරකැවිම, තදින් මසාජ් කිරීම මගින් රෝගය තව දුරටත් වර්ධනය වීමට හැකි නිසා ඒවා කිරීමෙන් වලකින්න

මේ සඳහා කරන සැත්කම කුමක්ද ?
මෙයට කියන්නේ anterior cervical discectomy and fusion (ACDF ) කියාය. තරුණ අය සඳහා ස්නායු තෙරපීම ඉවත්කිරීමෙන් පසුව කෘතීම ඩිස්ක් එකක් බද්ධ කිරීම කල හැක.
මෙම ශල්‍ය කර්මය කුඩා එකකි එක දිනක් තුල රෝගියාට නිවාස යාමට හැකි අතර අතේ වේදනාව ඉක්මණින සුවපත් වේ. දුර්වල කම සුව වීමට වැඩි කාලයක් ගතවේ.
මෙම ශල්‍ය කර්මය කරනු ලබන්නේ බෙල්ලේ ඉදිරිපසින්ය මෙය කුඩා කැපුමක් වන අතර කැළලක් දැක ගැනීමට හෝ නොහැකිය. සාමාන්‍යයෙන් එක දිනක් තුල රෝගියාට ශල්‍ය කර්මයෙන් පසු නිවසට යාමට හැකිවේ.
ඔබට මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා ලවා හෝ ළඟම රෝහලේදී පරික්ෂා කරවා ගන්න
Dr. Prasanna Gunasena
MS (Colombo) FRCS (Edinburgh)
Spine fellow (Canada)